අපි නම් ජොලියක් දැනුනාම like එකක් දාලම තමා යන්නේ.. ඒක ලංකාවේ මිනිස්සුන්ගේ අනෙකට උදව් කරන සින්හ ගතිය

page views

Wednesday, August 21, 2013

බාර් එකේ....

කෙල්ලෙක් තට්‍ටු බිල්ඩිමක උඩ තට්‍ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල වටපිට බලද්දි දැක්කල හෙන හැන්ඩි කොල්ලෙක් තනියම බියර් එකක් බිබී ඉන්නව. මේ කෙල්ලටත් කම්මැලි නිසා හිතුවලු පොඩි චැටක් දාන්න මෙයත් එක්ක. කෙල්ල මෙයා ලඟට ඇවිත්

කෙල්ල : මොනවද ඔයා බොන්නෙ?
බුවා : මේක මැජික් බියර් එකක්

කෙල්ල හිතුවලු මූ නම් පිස්සෙක් කියල කෙල්ල හිමීට බාර් එක වටේ රවුමක් දැම්මලු. ඒත් වැදගැම්මකට ඇති එකෙක්වත් ඉඳල නෑ. ඉතිං කරන්න දෙයක් නැති තැන මෙයා ආයෙ අර බුවා ලඟට ඇවිත්

කෙල්ල : ඔයා විහිලුවක් නේද කරේ මේ බියර් ගැන
බුවා : ඉන්න මම පෙන්නන්නම්

ඔහොම කියල බියර් ග්ලාස් එක හිස් කරලා ජනේලෙන් එලියට පැනල රවුම් තුනක් බිල්ඩිම වටේ පියාඹලා ආයෙ ජනේලෙන්ම ඇතුලට ඇවිත්. කෙල්ලට දැන් හිතා ගන්නත් බැරිලු

කෙල්ල : මට ශුවර් ඔයාට එක සැරයක් කරාට ඔය වැඩේ ආයෙ කරන්න බෑ කියල
බුවා : පොඩ්ඩක් ඉන්න

බුවා තව බියර් ග්ලාස් එකක් බීල ආයෙම ජනේලෙන් පැනලා රවුම් තුනක් පියාඹලා පෙන්නුවලු. දැන් කෙල්ලටත් ඕනෙ උනාලු මැජික් බියර් බොන්න.

බුවා බාර් ටෙන්ඩර් ට කියල "මම බොන ජාතියෙන්ම ග්ලාස් එකක් මෙයාටත් එවන්න" කියල. කෙල්ලත් බියර් වීදුරුවම බීල පැන්නලු ජනේලෙන් එලියට. කෙල්ල තට්‍ටු 30 ක් පහලට වැටිලා එතනම මැරිලා.

බාර් ටෙන්ඩර් අර බුවා දිහා බලල කියල "යකෝ සුපර් මෑන්, උඹ නම් බිවුවම මහ කුජීත වැඩ කරන්නෙ" කියලා..

No comments:

Post a Comment