අපි නම් ජොලියක් දැනුනාම like එකක් දාලම තමා යන්නේ.. ඒක ලංකාවේ මිනිස්සුන්ගේ අනෙකට උදව් කරන සින්හ ගතිය

page views

Friday, January 3, 2014

ඇම්ඩගේ exam :D

ඔන්න ඇම්ඩා දවසක් විභාගයක් ලියන්න
ගියාකොහොමත් ඇම්ඩා වගෙ අයට විභාග
අමාරුයි .
ඔන්න දැන් විභාගය පටන් අරගෙන ටික
වේලාවක් ගත උනා .ශාලාධිපතිතුමත් ලමයි
දිහා කන්න වගේ බලාන ඉන්නවඉතින්
ශාලධිපතිතුමා ඔහොම ඉන්නකොට දැක්ක
ඇම්ඩ කොලයක් බලගෙන
මොනවදෝ ලියනව . එනිසා ටිකක්
වෙලා ඇම්ඩා දිහාම බලාන හිටියා.
එතකොටවත් වැඩේ නතර වෙයි ද බලන්න .
කොහෙද ඇම්ඩට ගානේ ගානක් නැහැ, හිටු
කියල ලියනව. සැරින් සැරේ ඔලුව උස්සල
බලනව අයෙත් ලියනව . ඒ පාර නම්
ශාලධිපති තුමා ඇම්ඩ ලඟට .ගිහින් හෙමීට
උගුර පොඩ්ඩක් පැදුවා .
"අම්මට උඩු ශාලධිපතිය ඇම්ඩා කලබල
වෙලා බල බල හිටපු කොලේ පොඩි කරල
බිමිට දැම්ම .ශාලධිපතිතුමත් ඇම්ඩට ඇඟ
සලිත වෙන සයිස් එකේ බැල්මක් දාල බිම
වැටිලා තිබුන කොලේ අරගේන බැලුව .
ඒකේ ලියල තියනවලු " සර් රැවටුනා නේද ?
" කියලා
ශාලාධිපතිට කලිසම බිම වැටුණ ගානට
ලැජ්ජයි ලු , සිද්ධිය දැක්ක වටේ පිටෙ ඉන්න
උන් කින්ඩියට හිනාවකුත් දැම්මලු , ඒත්
මොනව කරන්නද . බිම බලාගෙන
තමන්ගේ පුටුවට ගිහින් ලමයි උත්තර ලියන
දිහා බලාන ඉන්නවලු .හැබැයි ඇම්ඩ ඉන්න
පැත්ත බලන්නේවත් නැතුව.
ඔහොම ටික වෙලාව්ක් ගත උනා ශාලාධිපති
ට හිතුනලු ඇම්ඩා මොනව කරනවද කියල
බලන්න
ඇම්ඩා ඒ පාරත් මොනවදො ලියනවලු
කොලයක් බලාගෙන . මේ පාර නම් ඇත්තටම
කොපි කරනව වගේමලු ටිකක් ලියනවලු කවුරු
හරි දකීවිද කියල වට පිට බලනවලු අයෙමත්
ලියනවලු
" මූ හදන්නෙ මාව ගොනාට අන්දලා කොපි
කරන්න" තමයි කියල හිතපු ශාලාධිපති
තරඟයක කුලු පිඹගෙනම ගියා ඇම්ඩා ලඟට .
ශාලාධිපති වේගයෙන් ලඟට එනව දැක්ක
ඇම්ඩා දඩිබිඩි ගාල ලිය ලිය හිටපු කොලෙයි
බල හිටපු කොලෙයි කොල ටික
අස්සේ ගහගත්ත . හැබැයි හදිසිය නිසා ලිය
ලිය හිටපු කොලෙ කොනක් එලියෙ .
ඇම්ඩ ලඟට අපු ශාලධිපතිත් " හිතුව මදි
තෝ මාව තම්බන් න කියලා සද්දයක් එහෙම
දාල අර එලිය පෙන්න තිබුනු කොනෙන් ඇම්ඩ
ලිය ලිය හිටපු කොලය එලිය ඇදල බැලුවා
ඒකෙ ලියල තියනව " සර් අයෙමත්
රැවටුණා නේද කියලා....

කියවපු එකෙඑ ලයික් කොරමු නෙ

No comments:

Post a Comment